මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපල බදු පදනම යටතේ ලබා ගැනීමට හෝ මිලදී ගැනීමට මේ දක්වා තීරණය කර නැතැයි ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍ය ජයන්ත් සිංහා මහතා ප්‍රකාශ කර තිඛෙනවා.
ඒ ඉන්දීය ලෝක් සභාව හමුවේදී මත්තල ගුවන් තොටුපල පිළිබද යොමුකර තිබූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.
ලෝකයේ හිස්ම ගුවන් තොටුපල ලෙස නම් කරන මත්තල ගුවන් තොටුපල ඉන්දියාව විසින් ලබා ගන්නේද යන්න පිළිබද මෙහිදී විමසා තිබුණා.
එහිදී අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ එවන් යෝජනාවක් මේ දක්වා සලකා බලා නොමැති බවයි.
එහෙත් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පසුගියදා සදහන් කළේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සියයට 70 හා සියයට 30ක පදනම මත ගුවන් තොටුපල පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :