කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන් 5 දෙනකුට පහරදුන් කුවේට් ජාතික යුවලක් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
නීති විරෝධී ලෙස සුනඛයකු මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම යුවල පලා යාමට තැත් කර තිබුණේ රේගු නිලධාරීන්ට පහරදෙමිනුයි.
එහිදී තුවාල ලැබූ රේගු නිලධාරීන් 5 දෙනා මීගමුව රෝහලට ඇතුලත් කර තිඛෙනවා.
සැකකාර යුවල පසුගිය වසරේදීත් නීති විරෝධී ලෙස සුනඛයකු මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බවයි අනාවරණවී ඇත්තේ.
එම යුවල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :