ඉම්රාන් ඛාන් අගමැති පුටුවට / ඉන්දියාව සීරුවෙන්

පකිස්ථානයේ මහ මැතිවාරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට ආසන්න බලයක් හිමිකර ගෙන සිටිනවා.
ඒ මෙතෙක් ප්‍රතාශිත ප්‍රතිඵල අනුව ආසන 117ක බලය හිමිකරගෙනිමින්.
නවාස් ෂරීෆ්ගේ පකිස්ථාන මුස්ලිම් ලීගයට මේ දක්වා හිමිව ඇත්තේ ආසන 62 ක් පමණයි.
ඛෙනාසිර් භූතේ විසින් කලක් නායකත්වය ලබාදුන් පකිස්ථාන මහජන පක්ෂයට හිමිව ඇත්තේ ආසන 41 ක් පමණයි.
මේ වන විටත් ඉම්රාන් ඛාන්ගේ ජයග්‍රහණය අනෙක් පක්ෂ විසින් පිළිගෙන ඇති අතර ප්‍රධාන විපක්ෂය ලෙස නවාෂ් ෂරීෆ්ගේ පක්ෂය කටයුතු කරන බව දැනුම්දී තිඛෙනවා.
කෙසේ වෙතත් පකිස්ථානයේ නව ආන්ඩුවක් බිහි කිරීමට ඉම්රාන් ඛාන්ට කුඩා පක්ෂවල සහාය ලබා ගැනීමටද සිදුවනවා.
ඒ නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තු ආසන 137 ක් අවශ්‍යවීම හේතුවෙන්.
කෙසේ වෙතත් පකිස්ථානයේ නව රජය සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ දැඩි අවධානයෙන් පසුවන බවයි වාර්තාවන්නේ.
ඒ ඉම්රාන් ඛාන්ගේ පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් අතරින් 172 දෙදනකුම ඉන්දියාවට අත්‍යාවශ්‍ය ත්‍රස්තවාදීන් වීම හේතුවෙනුයි.ඒ අනුව ඉදිරියේදී පකිස්ථාන නව ආණ්ඩුව සමග ඉන්දියාවට කටයුතු කිරීම ගැටලුකාරී විය හැකි බවද සදහන් වනවා.
කෙසේ වෙතත් ඉන්දියාව සාමය වෙනුවෙන් පියවරක් තබන්නේ නම් තමන් ඒ වෙනුවෙන් පියවර 2ක් තබන බවයි ඉම්රාන් ඛාන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

8152

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4203

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :