ඊජීප්තුවේ සත්වෝද්‍යානයකදී බූරුවෙකු වර්ණ ගන්වා සීබ්‍රාවකු ලෙස ප්‍රදර්ශනය කළ බවට චෝදනා එල්ලවූ සත්වෝද්‍යානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිඛෙනවා.
කයිරෝ ජාත්‍යන්තර නාගරික උද්‍යානයේ සංචාරය කළ මහ්මුද් සර්හාන් නම් සිසුවා විසින් මේ බව අනාවරණ කළ අතර ඒ අනුව ජාත්‍යන්තර මාධ්‍ය විසින්ද මෙම සීබ්‍රාවකු බවට පත් කළ බූරුවා පිළිබද අනාවරණ කර තිබුණා.
බැලු බැල්මටම මෙම සත්ත්වයා වර්ණ ගන්වන ලද බූරුවකු බව දිස්වුවද එය එසේ නොවන බවයි අදාළ සත්වෝද්‍යානය පවසන්නේ.
එහෙත් මෙම සත්ත්වයාගේ ජායාරූප පරීක්ෂා කළ සත්ත්වවේදීන් හා වෛද්‍යවරුන් පවසන්නේ සැබෑ සීබ්‍රා සත්ත්වයකුගේ සිරුරේ වර්ණය මෙම සත්ත්වයාගේ සිරුරේ නොමැති බවයි.
එසේම මෙම සත්ත්වයාගේ සිරුරේ රටාවන්ද සාමාන්‍ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එහෙත් මේ වන විට අදාළ සත්වෝද්‍යානය විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කිරීම හාස්‍යජනක බවයි බොහෝ දෙනකු අදහස් දක්වන්නේ.

මේ සත්වෝද්‍යානයේ වෙසෙන අපූරු සීබ්‍රා සත්ත්වයායි.

Mahmoud Sarhan said he knew the animal was a donkey "from the first sight". Pic: Mahmoud Sarhan

මේ සැබෑ සීබ්‍රාවෙක්.

This confirmed zebra has clearer stripes and a darker mouth and nose area than the one in Cairo.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :