යුධ හමුදාවට මුගටි බලකායක්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ පරීක්ෂණ මෙහෙයුම් සදහා නිර්මාණය කරන ලද නවතම බලකායක් පිළිබද වාර්තාවනවා.

ඉංජිනේරු රෙජිමේන්තුව යටතේ වන 14 වැනි රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ටික රෙජිමේන්තුව යටතේ මුගටියන්ගෙන් සැදුම්ලත් බලකායක් මෙසේ ස්ථාපිත කර තිබීම විශේෂත්වයක්.

ප්‍රභූවරුන් පැමිණෙන ස්ථාන /වරාය / ගුවන් තොටු‍පොළ ඇතුළු ආර්ථික මර්මස්ථාන ආරක්ෂා කිරීමයි මෙම මුගටි බලකායේ කාර්යය වන්නේ.

ඒ අනුව ලොව පලමුවරට යුධ හමුදා කටයුතු වෙනුවෙන් මුගටියන් භාවිතා කළ හමුදාව බවටද ශ්‍රී ලංකා යුධ හමුදාව පත්වනවා.

අනාගතයේදී පුපුරන ද්‍රව්‍යවලට පමණක් නොව  මත්කුඩු හා මත්ද්‍රව්‍ය අත්ගඅඩංගුවට ගන්නා මෙහෙයුම් වලටද මෙම මුගටි බලකාය යොදා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

ඉව කිරීමේ වැඩිම හැකියාව ඇති සතුන් ලෙස අලියා, ඌරා, මුගටියා සලකන අතර ඒ අනුව මෙම මුගටි බලකාය පිහිටුවා තිඛෙනවා.

සුනඛයකුට වඩා අවම පිරිවැයකින් නඩත්තු කිරීමේ හැකියාව මෙන්ම සිරස් අතට පවා ඉව කිරීමේ විශේෂ හැකියාව මත මෙම මුගටි බලකාය නිර්මාණය කළ බවයි යුධ හමුදාව සදහන් කරන්නේ.

Untitled-2

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :