වර්තමානයේ යුක්තිය හා සාධාරණය වෙනුවෙන් හඩ නගන බවට පෙන්වන ඇතැම් පාර්ශව 2015 ට පෙර මෙරට තුල යුක්තිය හා සාධාරණත්වය අතුරුදන් කළ පිරිසක් බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු දොඩම්ගස්ලන්ද ආසනයේ – හැවන්පොල නිල සෙවන කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
මෙරට තුල ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමට එරෙහිවූ පසුගිය පාලනය 18 වන සංශෝධනයෙන් ඒකාධිපතිවාදයක් බිහි කළ අතර එය වෙනස් කර රටට සාධාරණය ඉටු කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුව විසින් බවද අමාත්‍යවරයා සදහන් කළා.
එසේම ජී එස් පී ප්ලස් සහනය ඇතුලු සියලු රටට හිමි වාසිදායක තත්ත්වයන් නැති කර දැමූ පිරිස් වත්මන් ආණ්ඩුව එය යළි හිමි කර දීමෙන් පසුවද එම තත්ත්වයන් නැති කිරීමට තැත් කරන බවද ඔහු කියා සිටියා.
මේ වන විට බලය අහිමිවීමෙන් මරු විකල්ලෙන් මෙන් හැසිරෙන ඇතැම් පිරිස් මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය පවා මරණ දඩුවමට ලක් කළ යුතු බව සදහන් කිරීම තුලින්ම අනාගතයේදී රට යළි සුදු වෑන් සංස්කෘතියකට ගෙන යාමට සැලසුම් කරමින් සිටින බවයි ජේ සී අලවතුවල මහතා කියා සිටියේ.
කෙසේ වෙතත් ජනතාව නිදහස අහිමි කර ගැනීමට හෝ හිට්ලර් පාලනයකට රට ගෙනයාමට ඉඩ නොතබන අතර ඒ වෙනුවට වත්මන් රජය සමග දියුනු රටක් බිහි කිරීමට එක්වන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.
විදෙස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දෙමින් වෙනත් රටවලින් අල්ලස් ලබා ගනිමින් රටේ ස්වෛරී භාවයට අභියෝග කළ පුද්ගලයින්ට ආණ්ඩුවට එරෙහිව අසත්‍ය චෝදනා නැගීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි අලවතුවල මහතා කියා සිටියේ.
එබැවින් ජනතාව අපේක්ෂා කරන හා අවස්ථාවාදීන් අපේක්ෂා නොකරන සීඝ්‍ර සංවර්ධනයක් ඉදිරි කෙටි කාලය තුල සිදුවනු ඇති බවද ජේ සී අලවතුවල මහතා අවධාරණය කළා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :