වැලිකඩ බන්ධනාගාරයේ පසුගිය සමය තුල අක්‍රමිකතාවලට සහය දුන් බව අනාවරණවූ බන්ධනාගාර නිලධාරීන් 50 දෙනකු පමණ වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවීමට තීරණය කර තිඛෙනවා.
මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් සිරකරුවන් මෙන්ම බන්ධනාගාර ගතවී සිටින විවිධ සිරකරුවන් සමග කාලාන්තරයක්‌ තිස්‌සේ දැඩි හිතවත්කම් පවත්වාගෙන යන බව කියන බන්ධනාගාර නිලධාරීන් පිළිබඳ ලද තොරතුරු මතයි මෙම පියවර ගෙන ඇත්තේ.
ලබන සතිය තුල මෙම මාරුවීම් ක්‍රියාත්මක කෙරෙන බවයි වාර්තාවන්නේ.
මේ අතර බන්ධනාගාර වැලිකඩ බුද්ධි අංශය විසුරුවා හැරුණද එහි නිලධාරීන් තවමත් වෙනත් රාජකාරිවලට අනුයුක්ත කර නොමැති බව අනාවරණවනවා.
එසේම ඔවුන් විසින් බන්ධනාගාරය තුලදී රහසිගත සාකච්ජාවක් පවත්වා ඇති බවයි අදාළ වාර්තා අනාවරණ කරන්නේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :