මරණ දඩුවම ගැන තවමත් අවසන් තීන්දුවක් නෑ / අධිකරණ ඇමතිනිය කියයි

බන්ධනාගාර තුල දුරකථන හා මත්කුඩු ජාවාරම් පවතින්නේ නම් බන්ධනාගාර බුද්ධි අංශයක් පැවතීමෙන් පලක් නොවන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසනවා.
ඇය මේ බව කියා සිටියේ රත්නපුරයේදී පැවැති ජනහමුවක් අමතමින්.

බුද්ධි අංශය මුවාවෙන් වෙන වෙන වැඩකටයුතු වෙනවානම් මට ගොඩක් පැමිණිලි ඒ සම්බන්ධයෙන් ලැබිලා තියෙනවා. ඉදිරියට මොකක්ද කරන්නේ කියන දේ ගැන මම තාමත් තීරණයක් අරන් නෑ. බුද්ධි අංශයට යම් යම් පාලනය කරන්න බැරි දේවල් ඇති ඇතැම් බුද්ධි අංශය හොයාගත් දේවල්වලට දෙපාර්තමේන්තුව හැටියට පියවර අරන් නෑ. බුද්ධි අංශය තියෙනවා නම් බුද්ධි අංශයෙන් ලැබෙන තොරතුරු අනුව වැඩකටයුතු කරන්න ඕනි. එහෙම අංශයකින් වැඩක් නෑ. බන්ධනාගාර බුද්ධි අංශය ඉදිරියට පවත්වගෙන යනවද නැද්ද කියලා මම තීරණයක් ගන්නවා.

මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේ ජනාධිපතිතුමා. ඒකට අපිට ගොඩක් කරුණු හොයන්න තියෙනවා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වුණු අය හොයන්න ඕනි. ඊට පස්සේ නඩු කටයුතු සම්බන්ධයෙන් විස්තරයක් ලබාගන්න ඕනි. නිතිපති දෙපාර්තමේන්තුව හරහා ඒ අයගේ නඩුව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරගන්න ඕනි. ඊට පස්සේ තමයි ඊළග කටයුතු කෙරෙන්නේ.

බන්ධනාගාරයට කරන්න තියෙන්නේ එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න විතරයිනේ. අලුගෝසු තනතුර මෙහෙමයි. ඒක පවතින තනතුරක්. අවශ්‍ය නම් බදවා ගන්න පුළුවන්. සමහරු නිකන් වැඩකරන්නත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක හොදයිනේ. ආණ්ඩුවට බරකුත් නෑ. මේක එච්චර ගැටළුවකුත් නෑ තාම. එල්ලා මරන එක සම්බන්ධයෙන් අපි තාම තීරණයක් අරන් නෑ. යම් යම් කරුණු හොයාබලලා අවශ්‍ය දේවල් හෙළිදරව් කරගෙන තියෙනවා.”

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :