ජනතාවට බර දී වෛද්‍ය දීමනා තවත් ඉහළට

(On Call) හදිසි සේවා සඳහා රාජකාරියට පැමිණීම වෙනුවෙන් දැනට වෛද්‍යවරුන්ට ගෙවන  රුපියල් තිස්පන්දහසක මුදල රුපියල් පනස් දහස දක්වාත්, විශේෂඥ වෛද්‍යවරුනට ගෙවන එම දීමනාව රුපියල් හැටදහස දක්වාත් වැඩි කිරීමට රජය තීරණය කර තිඛෙනවා.

ඒ අනුව දැනට රජයේ රෝහලක සේවය කරන එම්. බී. බී. එස්. වෛද්‍යවරයකු ලබන මෙම රුපියල් 35,000 දීමනාව රුපියල් 15000 කින් ද, විශේෂඥ වෛද්‍යවරයකු ලබන රුපියල් 35000 දීමනාව රුපියල් 25000 කින් ද වැඩිවන බවයි මහා භාණ්ඩාගාරය අනාවරණ කරන්නේ.

දැනට රජය මෙම දීමනාව රජයේ සියලු වෛද්‍යවරුන්ට ලබාදුන්නද එම සේවාවේ නිරත වන වෛද්‍යවරුන්, සැබෑ ලෙසම මෙම රාජකාරි සේවාවේ නිරතවී ඇති දැයි සොයා බැලීමට විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් මෙතෙක් ක්‍රියාත්මක නොවන බවද සදහන්.

සීමාවාසික පුහුණුව අවසන්ව රජයේ රෝහලක වෛද්‍යවරයකු ලෙස මුල්ම ‍පත්වීම ලැබූ වෛද්‍යවරයකු මුල්ම වැටුප හා දීමනා ඇතුළත්ව ලබන වැටුප රුපියල් 167000 ක් වනවා.විශේෂඥ වෛද්‍යවරයකුගේ මුල්ම වැටුප රුපියල් 250000 ක් බවයි අනාවරණ වන්නේ.

ඒ අනුව රජය නැවත වතාවක් රාජකාරි බාධා හා පැමිණීම සඳහා වූ ප්‍රවාහන දීමනාව (DAT) ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ වෛද්‍යවරුන්ගේ මාසික වැටුප් හා දීමනා තවදුරටත් ඉහළ යාම විශේ්ෂත්වයක්.

ඒ අනුව මුළු රටේම සිටින රජයේ වෛද්‍යවරුන් 18000 ට මෙම දීමනාව ගෙවීමට රජයට වැයවන අතිරේක වැය බර රජයේ ආදායම් වැඩිකොට සොයා ගැනීමේ අභියෝගයට මුහුණදීමට මහා භාණ්ඩාගාරයට සිදුවනවා.

රජයේ වෛද්‍යවරුන්ට නව දේශීය ආදායම් පනත හරහා අහිතකර බලපෑම් එල්ල වී ඇතැයි සංගමය නඟන චෝදනාව බැහැර කරන මහා භාණ්ඩාගාරය මාසයකට රුපියල් ලක්ෂ 3 ½ කට වඩා අධික වැටුපක් ලබන වෛද්‍යවරුන්ට පමණක් ඊට ඉහළ ආදායමට සියයට 24 බද්දක් ගෙවීමට සිදුවී ඇති බවයි සදහන් කරන්නේ.

මේ අන්දමට මාසයකට රුපියල් ලක්ෂ 3 ½ කට වඩා ඉහළ වැටුපක් ලැබීමට නම් වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය සේවාවේ නිරත විය යුතු වන අතර එසේ පෞද්ගලික වෛද්‍ය සේවාවේ නිරත නොවී රජයේ සේවයේ යෙදෙන වෛද්‍යවරුන්ට නව බදු පනතින් ගෙවිය යුත්තේ උපරිම සියයට 14 බදු ප්‍රතිශතයක් පමණයි.

රජය දැනට වෛද්‍යවරුන්ට රුපියල් ලක්ෂ 36 ක බදු සහන සහිත වාහන බලපත්‍රයක් ලබාදෙනු ලබනවා.වසර 30 කින් රජයේ වෛද්‍යවරයකු ලෙස සේවයට බැඳී වයස අවුරුදු 60 දී විශ්‍රාම යන වෛද්‍යවරයකුට   රුපියල් ලක්ෂ 36 වාහන බලපත්‍ර 06 ක වටිනාකමේ බදු සහනයක් හිමිවන අතර එම බර දරන්නේ රටේ ජනතාවයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :