විගණන පනත අගෝස්තු 01 වනදා සක්‍රීය වෙයි

ජාතික විගණන පනත අගෝස්තු පළමුවනදා සිට බලාත්මක වනවා.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 1 (02) වන වගන්තිය මඟින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මේ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව පසුගිය 26 වනදා ප්‍රකාශයට පත් කෙරුනා.

වසර දෙකහමාරක් පමණ කාලයක් ක්‍රියාත්මක නොවූ ජාතික විගණන සේවා කොමිසම ජාතික විගණන පනත බලාත්මක වීමත් සමඟ ක්‍රියාත්මකවීමට නියමිතයි.

ජාතික විගණන කාර්යාලය නව පනතින් ස්ථාපිත කෙරෙනු ඇති අතර ඉන් විගණකාධිපතිවරයාට සිය කාර්යභාරය හා වගකීම් නිසි පරිදි ඉටු කර ගැනීමට හැකි වනු ඇති බවද සදහන්.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :