මහින්දට එපා නම් විපක්ෂනායක ධූරය වෙල්ගමට

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය හිමිවුවහොත් එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාරගත යුතු බවත් එසේ නොවන්නේ නම් එය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට ලබාදිය යුතු බවත් පොදුජන පෙරමුණේ සමස්ත ලංකා පළාත් පාලන සංසදය යෝජනාවක් ඉදිරිපත් කර තිඛෙනවා.
ඒ අනුව පොදුජන පෙරමුණ බලය හිමිකරගත් සියලු පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ එකගතාවයෙන් අදාළ යෝජනාව මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීමටයි සැලසුම් කර ඇත්තේ.
එම සංසදයේ සභාපති උදේනි අතුකෝරළ මහතා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා හැරුණු විට මෙම ධුරයට වඩාත්ම සුදුස්සා වෙල්ගම මහතා පමණක් වන බවයි.
එසේම නිදහස් පක්ෂයේ දශක 4කට ආසන්න කාලයක් රැදී සිටි වෙල්ගම මහතා රාජපක්ෂ මහතා හැරුණු විට සිටින ජ්‍යෙෂ්ටතම නියෝජිතයා බවද ඔහු පෙන්වා දෙනවා.
උදේනි අතුකෝරාල මහතා මේ බව සදහනස් කළේ ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :