අගහරු / සෙනසුරු බලන්න හෙට කොලඹ සරසවියට එන්න

හෙට දිනයේදී පැහැදිලිව අගහරු / බ්‍රහස්පති / සෙනසුරු හා සිකුරු යන ග්‍රහයන් දිස්වීමේ අවස්ථාව සිය දුරේක්ෂ තුලින් නැරඹීමට මහජනතාවට අවස්ථාව ලබා දෙන බව කොලඹ විශ්ව විද්‍යාලයේ ගගන හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකය පවසනවා.
එහි මහාචාර්යය චන්දන ජයරත්න මහතා සදහන් කළේ හෙට පස්වරු 7 සිට රාත්‍රී 10 තෙක් මේ වෙනුවෙන් අවස්ථාව ලබාදෙන බවයි.
කෙසේ වෙතත් වලාකුළුවලින් බාධාවක් නොවන්නේ නම් මෙම අවස්ථාවට බාධාවක් මතු නොවන බවයි ඔහු කියා සිටියේ.
හෙට දිනයේදී සෙනසුරු ග්‍රහයා පෘථවියට වඩාත් ආසන්න වන අතර ඒ වසර 15කට පසුවයි. නැවත 2020 වසරේදී එවන් සිදුවීමක් දිස්වන අතර 2035 වසරේදී සෙනසුරු ග්‍රහයා පෘථවියට වඩාත් ආසන්නවීමට නියමිතයි.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :