ඉන්දියාවට ගිය කැස්බෑ පැටව් යළි ලංකාවටම

නීති විරෝධී ලෙස ලංකාවෙන් ඉන්දියාවට ගෙන ගිය කැස්බෑ පැටවුන් 3000 ක් යළි මෙරටට එවීමට ඉන්දියාව තීරණය කර තිඛෙනවා.

ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සදහන් කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක් හරහා මෙම කැස්බෑ පැටවුන් ඉන්දියාවට ගෙන ගොස් ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවකු හා මෙම කැසබෑ පැටවුන් චෙන්නායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතරට හිස රතු කැස්බෑවුන් වන අතර එම සතුන් ලංකාවට විශේෂිත බවයි හෙළිවන්නේ.

මෙම කැස්බෑ පැටවුන් පෙට්ටි තුල අසුරා ගුවන් යානයකින් ඉන්දියාවට ගෙන යන තෙක් මෙරට බලධාරීන් නොදැන සිටීම විශේෂිත බවද ඉන්දියානු වාර්තා සදහන් කර තිඛෙනවා.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :