නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළ බවට සඳහන් චෝදනා පත්‍රයේ කෙටුම්පත නීතිපතිවරයා විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දුන්නා.

ඒ අනුව නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එරෙහිව ගොනුකර තිබෙන මෙම චෝදනා  කෙටුම්පත පවත්වාගෙන යාම පිළිබද අවසන් තීරණය ලබන 8 වැනිදා සළකා බැලීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිඛෙනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි පැමිණිල්ල අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , විජිත් මළල්ගොඩ සහ එල් .ටී .බී.දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවනු ලැබුවා.

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ ශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා යන අය විසිනුයි මෙම පෙත්සම ගොනුකර තිබුණේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :