ගුවන් තොටුපලේ පහරදීමට එරෙහිව මුදල් ඇමතිට ලිපියක්

කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන්ට පහරදුන් වකුවේට් ජාතික යුවලට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන්නැයි සමස්ථ ලංකා රේගු සේවා සංගමය මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිඛෙනවා. ඒ අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්. මේ එම ලිපියයි.

ගරු මුදල් ඇමතිතුමා,
මුදල් අමාත්‍යාංශය,
කොළඹ 01.

මැතිතුමණි,

රේගු නිලධාරීන්ට පහර දුන් විදේශික යුවලට එරෙහිව නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලීම

පසුගිය 27 වන දින උදෑසන 10.45 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් මෙරටට පැමිනෙමින් සිටි කුවේට් ජාතික යුවලක් විසින් රේගු නියාමක නිලධාරිනියක, සහකාර රේගු අධ්‍යක්‍ෂකවරයෙකු ඇතුළු රේගු නිලධාරීන් පස් දෙනෙකුට නිර්දය ලෙස පහර දී තිබේ. මොවුන් සමග රැගෙන එමින් සිටි සුනඛයෙකුට අදාල නීතිමය අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන ලෙස දන්වා සිටීම මෙම පහර දීමට හේතුවයි.

ශාක හා සත්ව නිරෝධායන පනත බලාත්මක කරන නිලධාරීන් ලෙස ඔවුන් එය කළයුතු අතර, එය ඔවුන්ගේ වගකීම ද වේ. එහෙත් විවිධ රාජතාන්ත‍්‍රීක හා දේශපාලන බලපෑම හා මෙම සිද්ධිය සමතයකට පත්කරගන්නා ලෙස පහර කෑමට ලක්වූ නිලධාරීන්ට දෙපාර්තමේන්තුව පැත්තෙන් බලපෑම් එල්ල වෙමින් තිබේ.

ඇත්තෙන්ම ඔවුන් මෙලෙස පහර දී තිබෙන්නේ, රේගු නිලධාරීන්ට නොව අපේ රටේ ස්වෛරීත්වයටයි. එබැවින් මොවුන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය මැදහත්වීම කරන ලෙස ඉල්ලා සිටිමු. එසේ නොවුනහොත් මෙය බලවත් වැරදි පූර්වාදර්ශයක් ලෙස ඉතිහාසයට එකතුවනු ඇත.

ස්තූතියි.
 

මෙයට විශ්වාසී,
ජේ. ඒ. ගුණතිලක,
ලේකම්,

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :