සංචාරක හිතවාදී ත්‍රීරෝද රථ සේවාවක් ඇරඹේ

සංචාරකයින් ඉලක්ක කර ගත් සංචාරක හිතවාදී ත්‍රීරෝද රථ සේවාවක් අද ආරම්භ කෙරුණා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුව දොර දීයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ලබාදෙන සංචාරක හිතකාමී ත‍්‍රී රෝද රථ පුහුණුව සාර්ථකව නිම කරන ලද රියදුරන් 150 දෙනෙකුට ඊට අදාළ මුද්‍රාව හා සහතික පත් මෙහිදී පිරිනැමුණා.
භාෂා පුහුණුවල ආචාර ධර්ම පුහුණුව/ ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථාන පිලිබඳ දැනුම මෙන්ම හදිසි ප‍්‍රථමාධාර පිලිබඳ අවබෝධයද මෙම පුහුණුවට ඇතුළත්.
මේ වනවිට කොළඹ/ බෙන්තොට/ඇල්ල/දෙනියාය යන ප‍්‍රදේශවල ත‍්‍රී රෝද රථ රියදුරන් 750කට ආසන්න ප‍්‍රමාණයක් මෙම පුහුණුව අවසන් කර ඇති අතර ඔවුන්ටද ඉදිරියේදි මෙම මුද්‍රාව සහ සහතිකපත් ලබාදීමට නියමිතයි.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :