උඩුවේ ධම්මාලෝක හිමියන්ට පවරා තිබූ විදෙස් ගමන් තහනම සැප්තැම්බර් 10 වනදා තෙක් ඉවත් කර තිඛෙනවා.
ඒ කොලඹ මහාධිකරණය අද ලබාදුන් නියෝගයකට අනුවයි.
මීට පෙරද උඩුවේ ධම්මාලෝක හිමියන් විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ගැනීමේ නියෝගයක් අධිකරණයෙන් ලබාගෙන තිබුණේ ජුලි 26 වනදා සිට ක්‍රියාත්මක වන ආකාරයටයි.
එහෙත් අධිකරණ නියෝගයේ එය අගෝස්තු 26 ලෙස සටහන්වීම හේතුවෙන් පසුගියදා උන්වහන්සේ විදෙස්ගතවීමට උත්සාහ කළ අවස්ථාවේ ඊට බාධා එල්ලවුණා.
බලපත්‍රයකින් තොරව අලි පැටවකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මතයි උන්වහන්සේට මෙම විදෙස් ගමන් තහනම පනවනු ලැබුවේ.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :