1969 වසරේ සඳ මත මිනිසා පා තැබීම සලකනු ලබන්නේ දැවැන්ත පියවරක් ලෙසයි.
එහෙත් 1972 වසරේ දෙසැම්බර් 11 වනදා ඇපලෝ 17 යානය සඳට ගොඩ බැස්වීමෙන් පසු මේ දක්වා වසර 46ක් තුල කිසිවෙක් සඳ තරණය කිරීමට සමත්ව නැහැ.
එහෙත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පසුගියදා නාසා ආයතනයට නියෝග කළේ යලිත් සඳ මතුපිටට මිනිසකු යැවීමේ මෙහෙයුම ආරම්භ කරන ලෙසයි.Edwin E. Aldrin Jr., lunar module pilot, walking on the surface of the moon during the Apollo 11 extravehicular activity (EVA). Astronaut Neil A. Armstrong took this photograph with a 70mm lunar surface camera. With one small step off a ladder, commander of the Apollo 11 mission Neil Armstrong of the US became the first human to set foot on the moon on July 20, 1969, before the eyes of hundreds of millions of awed television viewers worldwide.
මේ දක්වා සඳ තරණ මෙහෙයුම්වලදී මිනිස් ජීවිත 14ක් අහිමිව ඇති අතර ඒ අනුව තවදුරටත් ජීවිත අවධානමක් ගැනීමක් ලෙසයි ඇතමුන් සඳ තරණ මෙහෙයුම හදුන්වනු ලබන්නේ.
කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ නියෝගය අනුව 2019 වසරේදී යළිත් සඳ තරණ මෙහෙයුමක් වෙනුවෙන් නාසා ආයතනය මේ වන විට සූදානම් වෙමින් සිටිනවා.

On July 16, 1969, American astronauts Neil Armstrong, Edwin "Buzz" Aldrin, and Michael Collins lifted off from Kennedy Space Center, Florida, in the mammoth-sized Saturn V rocket on their way to the moon during the Apollo 11 mission.
එසේම වසර 5කට වරක් සඳ මතට මිනිසුන් යැවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමටයි නාසා ආයතනය මේ වන විට තීරණය කර ඇත්තේ.
එම එක් ගමනක් වෙනුවෙන් ඩොලර් බිලියන 10 ක මුදලක් වැය කිරීමට අපේක්ෂිතයි.
එය ලංකාවේ සමස්ථ ණය ප්‍රමාණයෙන් 5න් 1ක් වනවා.
මේ අතර 2024 දී අභ්‍යාවකාශ සංචාරක ව්‍යාපාරයද ආරම්භ කිරීමට නාසා ආයතනය තීරණය කර ඇති අතර 2030 අගහරු මතටද මිනිසුන් යොමුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

අමල් අල්මේදා

 

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :