කිඹුලා සැලකෙන්නේ බිහිසුණු සත්ත්වයකු ලෙසයි.
සාමාන්‍යයෙන් හොදින් පුහුණු කළ කිඹුලකු හැරුණු විට අනෙක් කිඹුලක් අති බිහිසුනු වන අතර මිනිස් මසට ප්‍රිය කරන සත්ත්වයකු ලෙසයි කිඹුලා හදුන්වනු ලබන්නේ.
එහෙත් කිඹුලන් හා මිනිසුන් සාමයෙන් හා නිදහසින් ජීවත්වන ස්තානයක් ලොව පවතින බව ඔබ මෙතෙක් අසා තිබුණාද?
මේ එම අපූරු ස්තානය පිළිබදයි.


බර්කිනා ෆාසෝ රාජ්‍යයේ Bazoule ගම්මානය සැලකෙන්නේ එවන් අපූරු ප්‍රදේශයක් ලෙසයි.
අතීත ඊජීප්තුවේ කිඹුලා දෙවියකු ලෙසින් අදහන ලද අතර එම ගරුත්වය අදටද මෙම ගම්මානයේ ජනතාව විසින් කිඹුලන්ට දක්වනු ලබනවා.
එහි අනෙක් විශේෂත්වය වන්නේ කිසිදු අවස්ථාවක මෙම ගම්මානයේ වැසියන්ට කිඹුලන්ගෙන් හිරිහැරයක්ද නොවීමයි.
එහිදී මිනිසුන් අසළම ගැවසෙන මිනී නොකන කිඹුලන් දැක ගැනීමටද බොහෝ දෙනාට අවස්ථාව හිමිවනවා.
මෙම අපූරු මිතුදම 15 වන සියවස දක්වා දිවයන බවයි ප්‍රකාශ වන්නේ.
එම සමයේ හටගත් දැඩි නියගයකින් පසු ගම්මානයේ ගංගා සියල්ලම සිදීගිය අතර ඉන් පසුවයි එම ප්‍රදේශයෙන් කිඹුලන් මතුව තිබුණේ.

එතැන් සිට ගම්මානයේ ගංගාවල කිඹුලන් පැතිර ගිය අතර එම කිඹුලන්ගෙන් මිනිසුන්ට හානියක් සිදුව තිබුණේ නැහැ.
එම කිඹුලන් මිය ගිය විට ඔවුන් වෙනුවෙන් අවමගුල් උත්සව පවා ගම්මානයේ පවත්වන අතර වාර්ෂිකව කිඹුලන් වෙනුවෙන් උත්සවයක්ද පවත්වනු ලබනවා.
මෙහි ඇති සුවිශේෂත්වයක් වන්නේ මෙම කිඹුලන්ගේ සිරුරු මත නැග සිටියද එම සතුන් පහර නොදීමයි.
එසේම ගම්මානයේ ජනතාව දිය නාන අවස්ථාවල කිඹුලන් ආසන්නයෙන් පිහිනා යන අතර ගම්වාසී කාන්තාවන් රෙදි සෝදා ගනු ලබන්නේද කිඹුලන් ඔවුන් අසළ වැතිර සිටියදීයි.
ඒ අනුව මිනී නොකන බර්කිනා ෆාසෝ කිඹුලන් ලෙසයි මෙම සතුන් නම් කළ හැකිවන්නේ.

අමල් අල්මේදා

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :