සොබාදහමේ විස්මිත නිර්මාණයක් ලෙස දිය ඇලි සැලකිය හැකියි. එහෙත් අතිශය දියුණු නාගරික පරිසරයක් මැද විශාල දිය ඇල්ලක් පැවතීම සැලකිය හැකිවන්නේ සිදුවිය නොහැක්කක් ලෙසයි. කෙසේ වෙතත් චීනයේ ගුයියාන් ප්‍රාන්තයේ එවන් දැවැන්ත දිය ඇල්ලක් දැකගත හැකිවනවා.

Image result for 354-foot-tall waterfall
ඒ අඩි 354 ක් උස ගොඩ ගොඩනැගිල්ලක ඉහළ සිට ඇද හැලෙන කෘතිම දිය ඇල්ලක්වීම විශේෂත්වයක්.
මහල් 28කින් යුතු මෙම ගොඩනැගිල්ලේ 22 වන මහලේ සිට පොලවට ඇද වැටෙන මෙම දිය ඇල්ලේ උස මීටර 100ක් .
ගොඩනැගිල්ලේ බිම් මහල් 4ක දැවැන්ත ජල කටාකයක් ඇති අතර එම ජලය විදුලි බලය හරහා පොම්ප කර මෙසේ දිය ඇල්ලක් ලෙස ඇද වැටීමට සලස්වනු ලබනවා.
ඒ වෙනුවෙන් පැයකට වැය වන මුදල ඩොලර් 89 ක්.
ඒ අනුව දිනපතා මෙම දිය ඇල්ල ක්‍රියාත්මක නොවන අතර එය විශේෂිත අවස්ථාවල පමණයි ක්‍රියාත්මක කරනු ලබන්නේ.
දිය ඇල්ල පාමුල පවතින දැවැන්ත තටාකයට ඇද වැටෙන මෙම ඇල්ලේ ජලය යළි බිම් මහලටම ගමන් කරනු ලබන්නේද විශේෂ ක්‍රමවේදයක් ඔස්සේයි.
වියදම් අධික වුවද ගුයියාන් නගරය සංචාරක ඇසට ලක් කළ විස්මිත නිර්මාණයක් ලෙසද එය නම් කරනු ලබනවා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :