උඩුවේ හිමියන්ගේ නීතීඥයා අධිකරණයෙන් සමාව ඉල්ලයි

විදෙස්ගතවීමට ගුවන් යානයකට ගොඩවී සිටියදී උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඉන් පිටතට පැමිණීමට සිදුවූයේ අධිකරණයේ හෝ වෙනත් පාර්ශවයකගේ වරදකින් නොව උන්වහන්සේගේ පාර්ශවයෙන් සිදුවූ අතපසුවීමක් හේතුවෙන් බව ඊයේ අධිකරණය හමුවේ අනාවරණ වුණා.
උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ ඒ බව පිළිගනිමින් කියා සිටියේ තමන්ගේ පාර්ශවයෙන් සිදුවූ වරදක් හේතුවෙන් එය සිදුව ඇති බැවින් ඒ පිළිබද අධිකරණයෙන් සමාව අයැද සිටින බවයි.

උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා විසින් ඉදිරිපත් කරන ලද මෝසමකට අනුව මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ විදේශ ගමන් තහනම ඉවත් කරවා ගැනීම සඳහා මීට පෙර අවස්ථාවකදීත් මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබ ඒ සඳහා අවසර ලබාදුන් බවයි.

එසේ විදෙස්ගතවීමට අවසර ලබාදී තිබියදී නියෝගයෙන් බැහැර දිනවල විදෙස්ගතවීමට උත්සාහ කර අසාර්ථකවීම හේතුවෙන් සමාජ මාධ්‍ය හරහා අධිකරණයට හා රජයටද අසත්‍ය චෝදනා එල්ල කිරීමක් දක්නට ලැබෙන බවද මෙහිදී කියා සිටියා.

උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරන ලද ඉල්ලීමකට අනුව උන්වහන්සේට අගෝස්තු මස 25 වැනිදා සිට සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා විදේශගත වීමට අවසර දී ඇතැයි පෙන්වා දුන් ජනක බණ්ඩාර මහතා නමුත් ඊට පෙර උන්වහන්සේ විදේශගත වීමට උත්සහ කිරීම නිසා අදාළ බලධාරීන් උන්වහන්සේ හරවා එවීමට පියවර ගෙන ඇති බවත් එය එම නිලධාරීන්ගේ වරදක් නිසා සිදුවුවක් නොවන බවත් මෙහිදී අවධාරණය කළා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :