මෙරට රජයේ හා අර්ධ රාජ්‍යය සේවයේ නියමිත සේවක මණ්ඩලවලට බාහිරව නීති විරෝධීව බදවාගත් 7,500 දෙනකු සේවයේ නිරතව සිටින බව අනාවරණවී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව පළාත් සභා හා ප්‍රදේශීය සභා ආදී ආයතන විසින් මෙම නීති විරෝධී බදවා ගැනීම් සිදුකර ඇති බවයි අනාවරණවී ඇත්තේ.
එම බදවා ගැනීම් සම්බන්ධව කරුණු විමසමින් මුදල් අමාත්‍යාංශය එම ආයතන වෙත ලිපි යොමුකර ඇති බව සදහන්.
අදාළ වාර්තා ලැබීමෙන් පසු මෙම නීති විරෝධී බදවා ගැනීම් අතරින් ආයතනවලට අත්‍යාවශ්‍ය පිරිස් පිරිසක් රදවා ගනිමින් අනෙක් පිරිස් සම්බන්ධ පියවර ගැනීමට නියමිතයි.
එම පුද්ගලයින් පිළිබද වගකීම අදාළ බදවා ගැනීම් සිදුකළ පිරිස් විසින් දැරිය යුතු බවද අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
ඉදිරියට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන වලට කිසිදු සේවකයකු බඳවා ගැනීම තහනම් කරමින් චක්‍රලේඛනයක් ද නිකුත් කිරීමටයි මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :