එල් ටී ටී ඊ සංවිධානය තවදුරටත් ලොව පුරා තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තැබිය යුතු බව මලයාසියානු පොලිසියේ හිටපු පොලිස්පති තාන් ශ්‍රී මුසා හසාන් මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ක්වාලාලම්පූර්හී බර්නමා පුවත් සේවයට අදහස් දක්වමින්.
එල් ටී ටී ඊ ය යුධමය වශයෙන් පරාජය කළද එම මතය දරන්නන් හා ශෝක වන්නන් තවමත් ලොව පුරා වෙසෙන බැවින් එය තර්ජනයක් ලෙස සැලකිය යුතු බවයි මලයාසියානු හිටපු පොලිස් ප්‍රධානියා සදහන් කළේ.
මේ වන විටත් මළයාසියාව ඇතුලු රටවල් 32ක් තවදුරටත් එල් ටී ටී ඊ තහනම පවත්වාගෙන යන බැවින් එය තවදුරටත් ඉදිරියට ගෙනයා යුතු බවයි ඔහු කියා සිටියේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :