ඩොලර් මිලියනයේ ඩුබායි ලොතරයියක් ඉන්දියානුවකුට ඇදිලා

ඩුබායි රාජ්‍යයේදී දිනුම් අදින ලොතරයියක ඩොලර් මිලියනයේ ත්‍යාගයක් ඉන්දියන් ජාතිකයකුට හිමිව තිබෙනවා.
කාලීජ් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ඩුබායි ගුවන් තොටුපලේදී තීරු බදු රහිත සේවා සපයන ආයතනයකින් මෙම ලොතරයිපත ඉන්දියානු ජාතිකයා විසින් මිලදී ගෙන ඇති බවයි.
මෙම ජයග්‍රාහී මුදලේ වටිනාකම රුපියල් කෝටි 16කට අධික වනවා.
කෙසේ වෙතත් 1999 වසරෙන් පසු ඩුබායි හීදී මෙම ලොතරයි ත්‍යාගය ඉන්දියානුවකු විසින් හිමිකරගත් 132වන අවස්ථාවද මෙයයි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :