මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි නගරයේදී එරෝමෙක්සිකෝ ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්ව තිඛෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ වික්ටෝරියා ගුවන් තොටුපල තුලින් පිටත්වීමට යාමේදී යානය අනතුරට ලක්වූ බවයි.
එහිදී 85 දෙනකු තුවාල ලබා ඇති අතර යානය ගිනිගෙන විනාශවී තිඛෙනවා.
අනතුරින් මිය ගිය පුද්ගලයින් පිළිබද වාර්තා ලැබී නොමැති බවයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ.
ගුවන් තොටුපල ආශ්‍රීතව පැවැති අයහපත් කාලගුණය අනතරට මුල්ව ඇති බව සදහන්.
එහිදී යානය ධාවන පථයේ අවසානය දක්වා ගමන් කර යමක ගැටී ඇති බවයි සදහන් වන්නේ.
තුවාලකරුවන් අතරින් දෙදනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද එම වාර්තා අනාවරණ කරනවා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :