සංවර්ධනය දේශපාලනඥයන්ගේ සාක්කුවට නොවේ / ජනපති

ජනාවත්මන් සංවර්ධන වැඩපිළිවෙළ රටේ ජනතාවගේ සුබසාධනය සඳහා මිස දේශපාලනඥයින්ගේ සාක්කු පුරවා ගැනීමට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ හිගුරක්ගොඩ නව බස් නැවතුම්පොළ ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමින්.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ 2015 ජනවාරි 08 වනදා පරිවර්තනය තුළින් මේ රටේ පොඩි මිනිසුන් අපේක්ෂා කළ සංවර්ධනයේ ප‍්‍රතිලාභ ලබාදීමේ යෝධ වැඩපිළිවෙළ රජය දැන් කි‍්‍රයාවට නංවමින් සිටින බවයි.ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ, නිදහස් සමාජයක සතුටින් ජීවත්වීමට මේ රටේ ජනතාව 2015 ජනවාරි 08 වනදා පරිවර්තනය තුළින් තැබූ විශ්වාසය එළෙසම ඉටුකිරීමට දිවි හිමියෙන් කැපවන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කළා.

දූෂණයට, වංචාවට සහ නාස්තියට විරුද්ධ අයෙකු ලෙස වත්මන් සංවර්ධන වැඩපිළිවෙළේ දී කිසිදු අක‍්‍රමිකතාවයකට ඉඩ තබා නොමැති බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ජනතාවගේ සම්පත් ජනතාවගේම සුබසාධනය සඳහා යෙදවීම ප‍්‍රතිපත්තියක් කොට සලකන බවයි කියා සිටියේ.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :