එන්ජින් ධාරිතාවය 1000ට අඩු මෝටර් රථ සඳහා වැඩි කළ තීරු බදු ඉවත් කළ හැකි නිශ්චිත කාලය දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිඛෙනවා.
2018 අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනා අනුවයි එන්ජින් ධාරිතාව ඊයේ සිට ඉහළ නංවනු ලැබුවේ.සීමාවකින් තොරව රටට ගෙන ඒම නිසා පාලනය කරගත නොහැකි මට්ටමේ වාහන තදබදයක් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ඇති වන බවට චෝදනා එල්ලවූ බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දී තිබුණා.
ඉදිරියේ දී ආරම්භ කිරිමට නියමිත සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය සමඟ කොළඹ නගරයේ වාහන තදබදය විශාල වශයෙන් අඩු කිරිමට හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.
එම තත්ත්වය තුල කුඩා වාහන සදහා වන තීරු බදු පහත දැමිය හැකි බව ප්‍රකාශිතයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :