වත්මන් ආණ්ඩුව විසින් අලෙවි කරන කිසිදු දේපලක් මිලදී නොගන්නැයි ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ අද කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජන බල සේනා විරෝධතා රැළිය අමතමින්.
වත්මන් ආණ්ඩුව විසින් අලෙවි කරනු ලබන දේපල පිළිබද ඉදිරි ආණ්ඩුවක් විසින් යළි සලකා බලනු ඇති බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියා.

“අද හමුදාවට දෙන්න යනවා පොලිස් බලය, මේ කරන්නේ යන්නේ භයානක කමක්,”

“හමුදාවට පරීක්ෂණ කරන්න බලය දෙනවා කුඩු ගැන අද. හෙට මිනීමැරුම් වැඩියි කියලා මිනීමැරුම් ගැන. අනිත් දවසට පවුල් ආරවුල් වැඩියි කියලා පවුල් ආරවුල් බේරන්නත් හමුදාවට බාර දෙයි. මේක තමයි හමුදාකරණය කිරීමේ පළමු පියවර,” එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පසු පෙළ මන්ත්‍රීවරුන් මෙම වැඩපිළිවෙලට ඉඩදෙනවා ද

“අද නඩු තෝරන්නේ ඇමතිවරු රැස් වෙලා. අධිකරණය පාලනය කරන්න අද ආණ්ඩුව සුදානම් වෙනවා. අද මේකට එරෙහිව නඩුකාරවරුම කතා කරනවා.”

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :