හෙට සැලසුම් කර ඇති වෛද්‍ය වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් වෙත යොමුවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එම සංගමය පවසන්නේ වැඩ වර්ජනයක් සිදුකිරීමට දින 21කට පෙර ඒ බව දැනුවත් නොකිරීම සේවක විෂමාචාරයක් වන බැවින් ඊට එරෙහිව රටේ ජනතාව වෙනුවෙන් අධිකරණ පියවරක් ගන්නා බවයි.

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා

සභාපති – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

ස්ටැන්ලි විජේසුන්දර මාවත

කොළඔ 07.

 

 වෛද්‍යතුමනි,

201/08/03 දින ඔබ සංගමය සංවිධානය කර ඇති දීප ව්‍යාප්ත වැඩ වර්ජනය සම්බන්ධව.

කරුණු කිහිපයක් මුල් කරගෙන ඔබ සංගමය විසින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 2018/08/03 දින සංවිධානය කර ඇති බව මාධ්‍ය වාර්තා මගින් අප සංවිධානය වෙත දැන ගැනීමට ලැබී ඇත. ඔබ සංවිධානය විසින් කරනු ලබන ඉල්ලීම් පිළිබදව අප සංවිධානයේ විරුද්ධත්වයක් නොමැති අතර ඔබ සංගමය විසින් සංවිධානය කර ඇති උක්ත වර්ජනය මගින් වඩාත් පීඩාවට පත්වන්නේ මෙරට අහිංසක රෝගීන් වන බැවින් උක්ත වැඩවර්ජනයෙන් රෝගීන්ට වන පීඩාව පිළිබදව නැවත සිතා බලන ලෙස ඔබ සංගමයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

මේවන විට රෝහල්වල විශාල ‌ෙඖෂධ හිගයක් පවතිද්දී හා රෝගීන් විශාල පිරිසක් ඇදන්යට හා රෝහල් වාට්ටුවේ කොරිඩෝව දිගේ පැදුරු එළාගෙන ප්‍රතිකාර ලබද්දී මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය ලක්ෂ ගණනක් වියදම් කොට සෞඛ්‍ය අමාත්‍යවරයාට උපහාර දක්වන අවස්ථාවක අප රටේ සෞඛ්‍ය ක්ෂ්ත්‍රය පිරිහී ඇති ප්‍රමාණයේ  දිග පළල පිලිබදව හොදින් දැන සිටින්නේ ඔබ සංගමය බව අපගේ අදහසයි.

හෘද රෝගයක් සදහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රොහලේ ප්‍රතිකාර ලැබූ අපේ වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට “සුවපති”නම් අංතට්ටුව පැළදීමට කටයුතු කළ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් යැපෙන ඊනියා සෞඛ්‍ය වෘත්තීවලට මෙරට සෞඛ්‍ය ක්ෂ්තයේ ඇති ගැටලු නොපෙනුනාට ඔබ වැනි බුද්ධිමත් සංගමයකට රෝගීන්ගේ දුක් අදෝනා දැනීමට තරම් සංවේදී හදවත් ඇති බව අප විශ්වාස කරමු. මේවන විට දිවයින පුරා වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතිද්දී හා පහවසර ශිෂ්‍යත්ව විභාගය 2018/08/05 දින පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබියදී අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගැනීම කෙරෙහි අප සංවිධානය ඔබ සංගමයේ කාරුණික අවධානය යොමු කරමු.

අයිතිවාසිකම් දිනාගැනීම සදහා සංවිධානය වීමට අප ආණ්ඩක්‍රම ව්‍යාස්ථාවේ 14 (1) ව්‍යස්ථාව මගින් පුරවැසියනට අයිතියක් දී ඇති නමුත් එම අයිතිය ආණ්ඩක්‍රම ව්‍යාස්ථාවේ 15(1) ව්‍යස්ථාව මගින් යම් සීමා කිරීම්වලට ලක්කරනු ලැබීම කෙරෙහි හා 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනතේ 32(2) වගන්තිය අනුව අත්‍යවශ්‍ය කර්මාන්තයක හෝ සේවාවක වැජවර්ජනයක් සිදු කරයි නම් ඊට දින 21 කට පෙර සේවායෝජකයාට ඒ පිළිබදව ලිඛිතය දැනුම්දිය යුතුය යන කාරණය ද හදිසි වැඩ වැරුමක් සිදු කිරීම සේවක විෂමාචාරයක් ලෙස සැළකිය හැකි බව ස්වාමි බයිල් එ.එහි සේවකයින් යන තීරණයේදී පිළිගෙන ඇති බවද ඔබ සංගමයට අවධාරණය කරන අතර ඔබ සංගමය විසින් 2018/08/03 දින සංවිධානය කර ඇති වැඩ වර්ජනය සිදු කලහොත් මෙරට සමස්ත රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණක්‍රියා මාර්ග ගැනීමට අප සංවිධානයට සිදුවන බව ද කණගාටුවෙන් දැනුම් දෙමු.

ස්තුතියි,

මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ- සභාපති -පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :