ප්‍රධාන-පුවත්

ඒකාබද්ධයට විපක්ෂනායකකම ඉල්ලූ ලිපියට අත්සන් 8 යි

බෙදා හරින්න :

විපක්ෂනායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙනලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාර දී ඇති ලිපිය සම්බන්ධයෙන් තීරණය දන්වන ලෙස කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දන්වා තිඛෙනවා.
ඒ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමිනුයි.

විපක්ෂනායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙනලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාර දී ඇති ලිපියට අත්සන් තබා ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 8 දෙනකු පමණයි.එකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ,  ඩබ්ලිව් ඩී. ජේ. සෙනවිරත්න, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, හා සුසිල් ප්‍රේමජයන්ත යන මන්ත්‍රීවරුන් ඊට ඇතුලත්.එම ලිපියට ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ විපක්ෂයට පැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව 69දෙනකු අත්සන් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුවද අත්සන් කර ඇත්තේ මන්ත්‍රීවරු අට දෙනකු පමණක් වීම විශේෂත්වයක්.

විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙන ලෙස ඉල්ලමින් දිනේෂ් ගුණවර්ධන මහතා ලබා දී ඇති ලිපියට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කර ඇතත් එම නම් ඉදිරියෙන් අත්සන් කර නොමැති බවද වාර්තාවනවා.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts