මෙරටින් අල්ලස් ලැබූ බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පක්ෂයත් නැතිවෙයි

මෙරට පසුගිය ආණ්ඩුව සමයේ විවිධ වරප්‍රසාද ලබාගෙන මෙරට සංචාරය කිරීමේ චෝදනා ලැබ සිටින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් ප්ස්ලේගේ පක්ෂ සාමාජිකත්වයද අත්හිටුවීමට පියවර ගෙන තිඛෙනවා.
ඔහු බ්‍රිතාන්‍යයේ ඩිමොක්‍රොටික් යුනියන්ස් පක්ෂයේ සාමාජිකයකු ලෙසයි පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබුවේ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට නොදන්වා මෙරට පසුගිය ආණ්ඩුව ලබාදුන් සංචාර ලබා ගැනීම හේතුවෙන් ඔහු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට ලක්ව සිටිනවා.
ඒ අනුව ඔහුගේ මන්ත්‍රී ධූරයද දින 30කට අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව ඔහුගේ මන්ත්‍රී ධූරයද අහිමිවීමට නියමිතයි.
ඔහුට මෙරට පසුගිය ආණ්ඩුව විසින් සංචාර වෙනුවෙන් පමණක් රුපියල් කෝටිය ඉක්මවූ මුදලක් වැය කර ඇති බව හෙළිව තිඛෙනවා.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :