දොස්තරලා අද වර්ජනයක

දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද එක්දින වැඩවර්ජනයක නිරතවනවා.

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතියට අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකිරීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා සඳහන් කළා.

වැඩවර්ජනය පැවැත්වෙන දිනය තුළ පෞද්ගලික රෝහල්වල චැනලින් සේවාවෙන් මුළුමනින්ම ඉවත් වීමට ද වෛද්‍යවරුන් තීරණය කර තිඛෙනවා.

වැඩවර්ජනය කි‍්‍රයාත්මක වුවද රෝහල්වල හදිසි ප‍්‍රතිකාර සේවා ඉටුකිරීමට විශේෂ වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ද වෛද්‍ය අලූත්ගේ මහතා අවධාරණය කළා.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :