පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන්ගේ වැටුප් ඉහළ නැවීමේ තීරණය ගනු ලැබුවේ පක්ෂ නායක රැස්වීමේ දී පළවූ ඒකමතික අනුමැතිය මත බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය , සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
මාත්‍යවරයා කියා සිටියේ මැති ඇමැතිවරුන්ගේ වැඩුප් වැඩි කිරීමට වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන් එක්මතිකව අනුමැතිය පල කළ බවයි.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ජුලි 17 වෙනි දින පැවැති පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳ සාකච්ඡා වූ බවත් ඊට සියලුම පක්ෂ නායකයන් ඒකමතිකව අනුමැතිය පළ කළ බවත් අමාත්‍යවරයා අනාවරණ කරනවා.
එම රැස්වීමට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන/ අනුර කුමාර දිසානායක මහත්වරුන් ඇතුළු සියලු පක්ෂ නායකයන් සහභාගී වූ බවද අමාත්‍යවරයා කියා සිටියා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :