සීගිරියේ කේබල් කාර්වලට අවසර නෑ

සීගිරිය ආශ්‍රීතව ඉදිකිරීමට යන බව කියන කේබල් කාර් ව්‍යාපෘතියට අනුමැතිය ලබා නොදෙන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.
මධ්‍යම සංස්කෘතික අරමුදල ඉතා රහසිගතව චීන සමාගමක් සමඟ එක්ව සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීමට යන බවට පලවන වාර්තා පිළිබද අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු පිරිසක් විසින් මීට අදාළ අධ්‍යයනයක් දින 3ක කාලයක් පුරා ක්‍රියාත්මක කර ඇති බවයි අනාවරණවී තිබුණේ.
චීනයේ ෂැංග්‍රිලා නැමති ආයතනයකට සීගිරියේ කේබල් කාර් යෙදීම සඳහා අවශ්‍ය මැනුම් කටයුතු සහ මුලික අධ්‍යනය සඳහා අවශ්‍ය අවසරය ලබාදී ඇති බවටද එම වාර්තා අනාවරණ කර තිඛෙනවා.

8152

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4203

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :