මැති ඇමති වැටුප් වැඩි කරන්න දෙන්නේ නෑ / ජනපති කියයි

මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම සදහා කිසිදු අනුමැතියක් ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩ සටහන යටතේ පොලොන්නරුව නගරයේ ඉදිකල නව වෙළද සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජන හමුව අමතමින්.
2015 සිට මේ වන විට මැති ඇමති වැටුප් සහ දීමනා අවස්ථා කීපයක් වැඩි කර ඇති අතර මේ වන විට පවතින්නේ වැටුප් වැඩි කළ හැකි කාලයක් නොවන බවද අවධාරණය කළා.
මේ දක්වා සියලු දීමනා ඇතුලු ජනාධිපතිවරයා ලෙස තමන් රුපියල් 95,000 ක වැටුපක් ලබන බවයි ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :