රන් කැබලි මිශ්‍ර පස් පිටරට යැවීමේ ජාවාරම සම්බන්ධයෙන් සැක පිට භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කර තිඛෙනවා.
එම ආරංචි මාර්ග අනාවරණ කළේ අදාළ පස් මෙරටින් බැහැර කිරීමට පෙර පරීක්ෂණ අවශ්‍ය නොමැති බව දන්වමින් මෙම නිලධාරීන් දෙදෙනා අවසර පත් නිකුත් කර ඇති බවයි.
ඒ නුව අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණයක් ක්‍රියාත්මක වනවා.
මෙම රන් මිශ්‍ර පස් රටින් බැහැර කර ඇත්තේ රන් කැබලි ඉවත් කර රත්තරන් නිෂ්පාදනය කිරීමට බව රේගුව සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී තිඛෙනවා.
ජාවාරමට මෙරට ව්‍යාපාරිකයන් පිරිසක් හා ඉන්දියාවේ රත්තරන් ව්‍යාපාරිකයන් පිරිසක් හවුල්ව ඇති බවද අනාවරණ කර තිඛෙනවා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :