අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් ආරම්භ වනවා.
දිවයින පුරා මධ්‍යස්ථාන 2268 දී විභාගය පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මෙවර සිසුන් 321,429 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිතයි.
විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර අයදුම්කරුවන් විභාග ශාලාවලට පැමිණිය යුතු බව ද දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
අයදුම්කරුවන්ට ස්මාර්ට් අත් ඔරලෝසු / ජංගම දුරකතන / විද්‍යුත් උපකරණ ආදිය විභාග ශාලා වෙත ගෙන ඒමද තහනම් කර තිඛෙනවා.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :