සම්බාධක කඩලා උතුරු කොරියාව ලංකාවට රෙදි එවලා

සම්බාධක කඩ කරමින් උතුරු කොරියාව ලංකාව ඇතුලු රටවල් කිහිපයකට ඇගලුම් ඇතුලු භාණ්ඩ අපනයනය කර ඇති බව ජගත් සංවිධානයේ නවතම වාර්තාවක් අනාවරණ කර තිඛෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ මෙය එරටට එරෙහිව පනවා ඇති දැඩි සම්බාධක කඩ කිරීමක් බවද වාර්තාවේ දැක්වෙන බවයි.
ශ්‍රී ලංකාව / චීනය / ඉන්දියාව / ඝානාව / මෙක්සිකෝව / තායිලන්තය / තුර්කිය හා උරුගුවේ යන රටවල් සමග මෙසේ උතුරු කොරියාව ගණුදෙනු කර ඇති බවයි හෙළිව ඇත්තේ.
එහිදී ඩොලර් මිලියන 100කට වැඩි ගණුදෙනු සිදුව ඇති බවද ජගත් සංවිධාන වාර්තාවේ දැක්වෙනවා.
පසුගිය වසරේ ඔක්තෝම්බර් සිට මෙම වසරේ මාර්තු දක්වා කාලයට අදාළවයි වාර්තාව නිකුත් කර ඇත්තේ.
එසේම උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙලද තවමත් සක්‍රීය බව වාර්තාවෙන් හෙළිකර තිඛෙනවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :