මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් ආණ්ඩුව හා ඉන්දීය ආණ්ඩුව යම් රහසිගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට සැක මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

ආණ්ඩුව එක එක කාලෙට එක එක ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. ආණ්ඩුවට රුපියල කඩා වැටෙන ප්‍රවෘත්ති යට කරන්න ඕන වුණාම, එහෙමත් නැත්නම් තමාට අවාසිදායක ප්‍රවෘත්තියක් යට ගහන්න ඕන වුණාම ජනාධිපතිවරයා හීනෙන් බය වුණා වගේ කියනවා මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියලා. එතකොට හැමෝම මරණ දඬුවම ගැන කතාකරන්න පටන් ගන්නවා. ක්‍රියාත්මක වෙන මරණ දඬුවමකුත් නැහැ.

හැබැයි මාතෘකාව එය බවට පත් වෙනවා. පත්තරවල, රූපවාහිනිවල ලැබෙන ගුවන් කාලය, පිටුවල ඉඩ වැඩි වෙලා නොකෙරෙන මරණ දඬුවමක් ගැන සාකච්ඡා කරනවා.
මම දීපු ලණුව ජනතාව කාලා ඒක ගිලිනවා නේද කියලා හිත හිත ජනාධිපතිවරයා රෑ 10.00ට සතුටින් නින්දට යනවා. ඒ වගේම ලණුවක් තමයි ඊයේ පෙරේදා දුන්නේ මන්ත්‍රි වැටුප් 215%කින් ඉහළ දමනු ලැබේ කියලා. එහෙම කිව්ව ගමන් කට්ටියක් කියනවා අපි ඒකට විරුද්ධයි කියලා. තව කට්ටියක් මේක සාධාරණීයකරණය කරනවා.

මේ විදියට නාට්‍ය ජවනිකා යන්න දීලා තිර පිටපත අනුව එක තැනකදී ජනාධිපතිවරයා කියනවා එක සතයක් මම වැඩිවෙන්න දෙන්නෙ නෑ කියලා.

ජනාධිපතිට වීරයා වෙන්න පහසු පොටත් පෑදෙනවා.

නැත්නම් වෙන මොනවයින් වීරයා වෙන්නද? තමන්ගෙ ආණ්ඩුව ලවා වැරැදි දේවල් කරන්න යවලා. ඒක වෙන්න දෙන්න නෑ කියලා නවත්තලා එහෙම කාඩ්බෝර්ඩ් වීරයෙක්ගෙ චරිතයට පණ පෙවීම හැර සිරිසේන ජනාධිපතිට වෙන මොන වීරයෙක්ගෙ චරිතෙටද පණපොවන්න පුළුවන්?

මේ මත්තල ගුවන්තොටුපොළ ගැනීමට සූදානම්ද යන ප්‍රශ්නය ඉන්දියාවේ ලෝක් සභාවේදී අදාළ ඇමැතිවරයාගෙන් විමසීමේදී ඔහු කියා ඇත්තේ මේ පිළිබඳ සාකච්ඡාවක් නොවූ බවයි. නමුත් ලංකාවේ සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා නින්දෙන් ඇහැරිලා වගේ කියනවා ඉන්දියානු ගුවන් සේවා අධිකාරියක් සමඟ සාකච්ඡා වට 3කට වඩා පවත්වලා තියෙනවා කියලා.

ඉන්දියාවේ අදාළ විෂය භාර ඇමැතියි ලංකාවේ ඔය විෂය භාර ඇමැතියි එකම මත්තල ගැන කියන කතා දෙක දෙකක් වුණේ කොහොමද? ඉන්දියාවේ විෂය භාර ඇමැති ඇයි ලංකාවේ විෂය භාර ඇමැතිවරයා කියන දේ ඉන්දියාවේ ලොක් සභාවට නොකියන්නේ.
කොහොම හරි අපටනම් පේන්නෙ දෙගොල්ලොම එකතුවෙලා මේ රටේ ජනතාවටත්, ඉන්දියාවේ ජනතාවටත් කොළේ වහන බවයි.

හින්දු පුවත්පත කියනවා ඉන්දියාව මත්තල ගන්නේ වාණිජමය පරමාර්ථයෙන් කියා සිතිය නොහැකි බව. අපි කියන්නෙත් ඕකමයි. මේ රටේ ජාතික ආරක්ෂාව බිල්ලට දෙන ගනුදෙනුවක් මේක.

දැන් මේ අය අඳින්නෙත් මෝඩිගෙ ඇඳුම්. එක්කෙනෙක් ඒ ඇඳුම ඇඳගෙන රටම මෝඩයට අන්දලා. දැන් අගමැතිත් අඳිනවා මෝඩිගෙ ඇඳුම. ඇඳගෙන බලනවා තව වටේකින් මේ රටේ මිනිස්සු මෝඩයට අන්දවන්නේ කොහොමද කියලා.

පසුගියදා මන්නාරමේ ඇති වුණු සිද්ධිය නිසා අද ඒ ධීවර පරීක්ෂණ කාර්යාලය වැහිලා ගිහින්.

හැබැයි පොලිසිය බලන් ඉන්දැද්දි මේ කාර්යාලයට ගැහුවා. දකුණේ කාට හරි අදෝ වාතයක් ගියත් පොලිස්පති පූජිත්ගේ නීතිය මෙතැනදී අකර්මණ්‍ය වෙලා.

බාහිර උපාධිධාරීන් දෙවැනි පෙළට දාලා සලකලා තමයි මේ ආණ්ඩුව උපාධිධාරීන්ට රැකියා දීම සලකලා බලන්න යන්නෙ. බාහිර උපාධිධාරීන්ට රැකියා දෙන්නේ නෑ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උපාධිධාරීන්ට මේ විදියට දෙවිදියකට සැලැකුවේ නැහැ.
විජයකලා මහේෂ්වරන් නෝනත් ප්‍රසිද්ධියේ කිව්වා කවුරු කියලා නොකිව්වට උතුරේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කරන්නෙත් දේශපාලනඥයො කියලා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :