මහරගම නයිට්වරයාට ඔබත් “සර්” කියන්න

බ්‍රිතාන්‍යයේ මහ රැජින විසින් ගරු නම්බු ලබාදෙන ලද පුද්ගලයින්ගේ නාමය ඉදිරියෙන් සර් යන්න යෙදීම චාරිත්‍රයක් වේ.
එසේම වැදගත් මහත්වරුන් හැදින්වීමටද ගෞරවයක් ලෙස සර් යන්න භාවිතා කරනු ලබයි.
ලංකාව වැනි රටකදී අවශය එකාට පමණක් නොව අනවශ්‍ය තැනැත්තන්ටද සර් යන්න භාවිතා කරනු දැකගත හැකිවේ.
එවන් තත්ත්වයකදී හීණමානයෙන් පෙලෙන නුසුදුස්සන් ඉහළ ගිය විට සමාජයෙන් ගරු නම්බු අපේක්ෂා කරනු ලබන්නේ තමන්ගේ හීණමානය මෙන්ම පහත් බවද අනුන්ට පෙනීම බලහත්කාරයෙන් හෝ වලක්වා ගැනීමටය.
ලංකාවේ දේශපාලනයේ යෙදෙන බහුතරයකට සර් යන්න කිසිසේත්ම නොගැලපෙන්නේද ඔවුන් මහත්වරුන්ගේ වැඩ නොකරන හෙයිනි.
එසේ වන අතරම අප මෙතෙක් නොදැන සිටි බ්‍රිතාන්‍ය මහ රැජින අතින් නයිට් නාමයක් ලද මහත්මයකු මහරගම වාසය කිරීම රටට ආඩම්බරයකි.
ඉතින් එම මහරගම නයිට්වරයාට ලබාදිය හැකි හොදම පිළිතුර වන්නේ සියල්ලන්ම ඔහුට සර් කියා ඇමතීමය.
එවිට ඔහු නීරෝගී වනු ඇතැයි යන්න අපගේ පරම පවිත්‍ර ප්‍රාර්ථනයයි.

 

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :