ගම්මන්පිලගේ කොටස් වංචා නඩුවත් විභාගයට ගැනීමට තීරණයක්

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිතා කරමින් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21 ක් වංචා කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා හමුවේ නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.
විත්තිකරුවන්ට එරෙහි අධි චෝදනා පත්‍රය විවෘත අධිකරණයේ දී ඔවුන්ට කියවා දෙනු ලැබු අතර අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව ඔවුහු අධිකරණයට පැවසීම නිසා නඩුව විභාගයට ගැනීමටයි විනිසුරුවරයා තීරණය කළේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish