මසකට රුපියල් 350,000 කට වඩා ආදායම් ලබන්නන්ගෙන් අය කරන සියයට 24 ක බද්ද විශේෂඥ වෛද්‍යවරු සදහා පමණක් සියයට 15 ක් තෙක් අඩු කිරීමට තීරණය කර තිඛෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතායි මේ බව අනාවරණ කළේ.
කෙසේ වෙතත් මෙරට අනෙක් වෘත්තිකයින්ට එම ආදායම උපයන්නේ නම් සියයට 24 ක ආදායම් බද්දක් ගෙවීම අනිවාර්යය වනවා.
ඒ අනුව වෛද්‍යවරුන් යනු අනෙක් වෘත්තීන්ට වඩා වෙනස්වූ කොට්ඨාශයක් බව බලධාරීන් සලකන බවක් හැගී යන බවයි වෘත්තිකයින් පෙන්වා දෙන්නේ.
ඒ අනුව ඉදිරියේදී අනෙක් වෘත්තිකයින්ද සියයට 24 ක බද්දට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණවන්නේ නම් ඔවුන්ගේද බදු පහත හෙලන්නේදැයි බලධාරීන් නිවේදනය කළ යුතු වනවා.කෙසේ වෙතත් වෙනත් කිසිදු රටක රටේ බදු ක්‍රමය වෘත්තියෙන් වෘත්තියට වෙනස් නොවන අතර ආදායම අනුව පමණයි බදු ව්‍යුහය වෙනස් වනු ලබන්නේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :