පොල්ගහවෙලදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමේ සිදුවීමෙන් තුවාල ලැබූ 32 නකු මේ වන විට පොල්ගහවෙල රෝහලට ඇතුලත් කර තිඛෙනවා.
කාර්මික දෝෂයකට ලක්වූ දුම්රියක් පොල්ගහවෙල ප්‍රදේශයේ නවතා තිබියදී පසුපසින් පැමිණි තවත් දුම්රියක් එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
සිද්ධියෙන් තුවාල ලැබූ 5 දෙනකු කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ සමග උඩරට මාර්ගයේ ධුම්රිය ධාවන කටයුතුවලටද පොල්ගහවෙල ප්‍රදේශයෙන් බාධා මතුව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

 

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :