පොල්ගහවෙල දුම්රිය ගැටුමට රියදුරකුගේ වැඩ තහනම්

පොල්ගහවෙල ප්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දුම්රිය අනතුරට මුල්වූ කොලඹ – මහනුවර දුම්රියේ රියදුරාගේ වැඩ තහනම් කර තිඛෙනවා.
සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් වන තෙක් මෙම පියවර ගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකිරීම සදහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක්ද පත්කර තිඛෙනවා.
කාර්මික දෝෂයකට ලක්වූ දුම්රියක් පොල්ගහවෙල පනාලිය ප්‍රදේශයේ නවතා තිබියදීයි පසුපසින් පැමිණි දුම්රියක් එහි ගැටී තිබුණේ.
සිද්ධියෙන් පුද්ගලයින් 35 දෙනකු තුවාල ලැබුවා.

10105

ආසාදිතයන්

4282

සුවය ලැබූ

5804

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :