දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන 20 යි 20 තරගයට සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාළිංග ක්‍රීඩා කිරීමටඉඩක් ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පවසනවා.
ඔහු කියා සිටියේ ඉදිරි ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය තුලද ලසිත් මාලිංග රැදී සිටින බවයි.

මම හිතන්නේ ලෝක කුසලාන සංචිතයේ ලසිත් මාලිංග ඉන්නවා. නමුත් එතැනින් එහාට මට කථා කරන්න බැහැ. ඒක තේරීම් කමිටුව, ප්‍රධාන පුහුණුකරු සහ නායකයා ඔවුන්ගේ සංයුතිය අනුව තීරණය වෙන්නේ. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මාලිංග මේ විස්සයි20 තරගය (දකුණු අප්‍රිකාවට එරෙහි) ක්‍රීඩා කරයි කියලා”

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :