විරැකියාව ඉහළට / කාන්තාවන් ලක්ෂ 3ක් රැකියා හැර ගිහින්

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පලමු කාර්තුව තුල මෙරට විරැකියා අනුපාතය කැපී පෙනෙන ලෙස වර්ධනයවී තිඛෙනවා.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ ශ්‍රම බලකා සංගණනයේදීයි මේ බව අනාවරණවී ඇත්තේ.
ඒ අනුව පසුගිය වසරේ මුල් කාර්තුව තුල මෙරට විරැකියා අනුපාතය සියයට 4.1 ක් ලෙස පැවැතියද මෙම වසරේ මුල් කාර්තුව තුල එය දැක්වෙන්නේ සියයට 4.5ක් ලෙසයි.
එහිදී කාන්තාවන්ගේ විරැකියා අනුපාතය සියයට 7.4 ක් ලෙස දැක්වෙන අතර පිරිමි විරැකියා අනුපාතය සියයට 2.9 ක්.
එහිදී සියලුම වයස් කාණ්ඩවල කාන්තා විරැකියාව ඉහළ මට්ටමක පවතින අතර පිරිමි විරැකියා අනුපාතය ඉහළ මට්ටමක පවතින්නේ අවුරුදු 15 ත් – 24 ත් යටතේ වන කාණ්ඩයේයි.
එය සියයට 20ක් ඉක්මවනවා.
මෙම වාර්තාවට අනුව මෙම වසරේ මුල් කාර්තුවේ මෙරට ශ්‍රම බලකායට 7,961,358 දෙනකු අයත්වන බවයි දැක්වෙන්නේ.
එහිදී කාන්තාවන් ප්‍රමාණය 2,669,210 ක් වන අතර එය පසුගිය වසරේ මුල් කාර්තුවේදී 2,995,161 ක් ලෙස දැක්වුණා.
ඒ අනුව වසරක් තුල කාන්තාවන් 326,000 ක් ශ්‍රම බලකායෙන් ඉවත්ව රැකියා විරහිත භාවයට පත්ව තිබීම විශේෂත්වයක්.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :