අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබෙන නඩුව විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.

ඒ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන චෝදනා පත‍්‍රය සළකා බැලූ අගවිනිසුරු පි‍්‍රයසාත් ඩෙප්, නලින් පෙරේරා සහ ප‍්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල විසිනුයි.

අද අධිකරණය හමුවේ පෙනී සිටි රංජන් රාමනායක මහතා දන්වා සිටියේ තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පිළිනොගන්නා බවයි.

එ් අනුව අදාළ චෝදනා පත‍්‍රය ලබන සැප්තැම්බර් 05 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිඛෙනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :