අධිකරණයට අපහාස කළාට විග්නේෂ්වරන්ට නොතීසි

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා ඇතුළු තුන්දෙනෙකුට අභියාචනාධිකරණය විසින් අද නොතීසි නිකුත් කළේය.

ඒ අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරිම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට වන චෝදනාවකට අදාළවයි.

මේ සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 07 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසයි උතුරු පළාත් මහ ඇමතිවරයාට නියෝග කර ඇත්තේ.

නොතිසි නිකුත් කරන සෙසු පළාත් අමාත්‍යවරුන් වන්නේ ආනන්දි සසිදරන් සහ කේ.සිවනේසන් යන අයයි.

අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු අමාත්‍ය පී ඩෙනීෂ්වරන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල විසින් නොතීසි නිකුත් කිරීම සිදු කර තිබුණා.

එහෙත් එම නියෝග ක්‍රියාත්මක කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පැහැර හැරීම තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :