කිරිපිටි කිලෝවක මිල රු 350කින් වැඩි කිරීමට ඉල්ලීමක්

කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 350කින් ඉහළ දැමීමට මෙරටට කිරිපිටි ආනයනය කරන සමාගම් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීම පාරිභෝගික කටයුතු අධිකාරියට ඉදිරිපත්කර ඇති අතර ලෝක වෙළෙඳපොලේ යොදය සහිත කිරිපිටි වල මිල 32% ඉහළ ගොස් ඇති බැවින් තමන් එම ඉල්ලීම කරන බව ආනයනකරුවෝ පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව වාර්ෂිකව සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 90,000ක් ඔස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් ආනයනය කරමින් පවතිනවා.

මේ වනවිට මෙරට කිරිපිටි අවශ්‍යතාවයෙන් 75%ක් පමණ සපුරනු ලබන්නේ ආනයනය කිරීමෙනුයි.

එහෙත් මේ වනවිට විශේෂයෙන් ම පසුගිය ජනවාරි මාසයේ සිට ලෝක වෙළෙඳපොලේ කිරිපිටි සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් වර්ධන වෙමින් ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

එසේම දැනට මෙරට තුළ ආනයනය කළ කිරිපිටි ඇත්තේ සති 4-6ත් අතර කාලයකට බවද සදහන්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *