විශ්‍රාම ලබා සිටින සියලුම දුම්රිය එන්ජින් රියදුරන්ට හෙට දිනයේදී සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
ඒ අනුව හෙට පෙරවරු 6 ට සේවයට වාර්තා කරන ලෙසයි එම ඉල්ලීමේ දැක්වෙන්නේ.
මේ අතර සියලු ලංගම සේවකයින්ගේ නිවාඩු හෙට දිනයේදී අවලංගු කර ඇති බවද ලංගම නිවේදනය කරනු ලැබුවා.
ඒ දුම්රිය වර්ජනයෙන් මගීන්ට සිදුවන හානිය අවම කිරීමේ අරමුණින්.
මේ අතර බලපත්‍ර රහිත පුද්ගලික බස් රථ සදහාද ඔ්නෑම මාර්ගයක බස් රථ ධාවනය කිරීමට හෙට සිට අවසර ලබාදී ඇති අතර ඒ දුම්රිය වර්ජනය අවසන් වන තෙක් කාලසීමාව සදහා පමණයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :